Great Work of St. Sylvester's OBA





අප විද්‍යාලයට අයත් මෙතෙක් මහනුවර පොලීසියේ නිල නිවාසයක් ලෙස භාවිතා කළ ගොඩනැඟිල්ල යළි පාසල වෙත ලබා ගැනීමට අප ආදි ශිෂ්‍ය සංගමය පියවර ගැනේ.

ඒ අනුව පසුගිය 23 වැනි දා මහනුවර ජනාධිපති මන්දිරයේ දී මධ්‍යම පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.එම්.බී. අඹන්පොළ මහතා විසින් ගොඩනැඟිල්ලේ යතුර ජනාධිපතිතුමා වෙත භාර දෙන ලද අතර ජනාධිපතිතුමා විසින් එය විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත භාර දෙන ලදී.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ගාමිනී සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


No comments:

Post a Comment